සදාචාර යහ ගුණ දම් සපිරි
ශිල්ප සතර විද්‍යා කර භූමි
පතල දිනන විදු කිරණ බෙදා දෙන
සිරි පැරකුම් විදුහල් මෑණි...
පැනදෝ නා සමිඳුන් දැල් වූ
වෑවල සිරි පැරකුම් පහනින්
කිරණ වැදී සුවහස් නෙත් පෑදී
වෙත යන අපරාජිත භූමි...
සොබා සොඳුරු මවනා කඳු යායේ
විහඟ තුඩින් නැගෙනා තුති රාවේ
කලා රසය සාහිතයද මුසු වී
ගෙන දෙයි සිප් සයුරක රැඳි ජීවේ...
කිතුනු බොදුනු ඈ එක සම යායේ
නන් දෑ වග රනු රස සේ පෑයී
භේද දුරැර සමගිය හා සාමය
වඩවන පැරකුම් විදුහල් ජනනී ...
ජනනන්දන වේ සිරි රන්ජිත වේ
සදා සදා අභිවන්දන වේ...





