මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට අධ්‍යාපන කලාපයට අයත් පුජාපිටිය අධ්‍යාපන කොට්ඨාසයේ පිහිටි මප/කටු/වෑවල පරාක්‍රම කනිෂ්ඨ විද්‍යාලය ආරම්භ කර ඇත්තේ 1957 වර්ෂයේ මාර්තු මස 27 දාය. වෑවල රඹුකේවෙල ග්‍රාම සංවර්ධන සමිතියේ මෙහෙය වීමෙන් සිසුන් 12 දෙනෙකුගෙන් ආරම්භ කළ මෙහි සමාරම්භක කළමනාකාර අධ්‍යක්ෂ ලෙස කටයුතු කර ඇත්තේ පුජ්‍ය හිගුල්වල පඤ්ඤාජෝති නායක හිමියන්ය. විද්‍යාලයේ සමාරම්භl ප්‍රධානාචාර්ය ධුරය දරා ඇත්තේ පුජH හේනේගම කවිධජ ස්වාමින් වහන්සේය.
පුජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වෑවල උතුර ග්‍රාම නිලධාරි වසම තුළ සුන්දර කදුගැටයක් මත පිහිටි පාසලට අයත් භූමිය අක්කර 2 කි.
පාසලට අයත් පෝෂක ප්‍රදේශය, වෑවල උතුර,මොරන්කන්ද,රඹුකේවෙල,පහළ හිගුල්වල යන ග්‍රාම නිලධාරි වසම් වලට සීමා වී තිබේ. සිසුන්ගේ දෙමාපියන් වැඩි දෙනෙක් කෘෂි කර්මාන්තය,තේ වගාව,වඩු,පෙදරේරු,කම්කරු ආදි වෘත්තීන්වල නියැළි සිටින අතර ආරක්ෂක සේවය ආදි රාජ්‍ය සේවයේ යෙදී සිටින අතළොස්සක් දෙනෙක් ද වෙති. දෙමව්පියන් වැඩි දෙනෙකු අඩු ආදායම් ලාභී වන අතර ග්‍රාමීය පාසලක් වන මෙම විද්‍යාලයට ඇතුළත් වන්නේ නගරයේ ජනප්‍රිය පාසල් හා තදාසන්න භෞතික සම්පත් බහුල පාසලකට ඇතුළත්වීමේ අවස්ථාව නොලැබෙන දරුවන් ය. දෙමව්පියන් බහුතරයක් සමාජ ආර්ථික මට්ටම අඩු වීම, දරුවන්ගේ අධ්‍යාපනයට දක්වන උනන්දුව හීන වීම, දෙමව්පියන් විදේශ ගත වීම, පවුල් ආරවුල්,සිසුන්ගේ පාසල් පැමිණීම අඩු වීම අධ්‍යාපනයට ඇති උනන්දුව හා කැපවීම හීන වීම පාසලට ඇති අභියෝගයන්ය. එහෙත් සිසුන්ගේ විනය ගැටලු අපචාරි හැසිරිම් ආදිය අවමය.
![]() |
![]() |
විවිධ උසස් තැන්වල තනතුරු දරමින් රටට දැයට අමිල සේවයක් ඉටුකර ඇති අතර, එය විද්‍යාලය ලැබූ ඉහළම ගෞරවය ලෙසද සදහන් කළ යුතුය.
විෂය බාහිර කටයුතු ලෙස ක්‍රීඩා, සමිති සමාගම්, චාරිකා, අධ්‍යාපනික ප්‍රදර්ශන, විවිධ ආගමික වැඩ සටහන්,සාහිත්‍ය උත්සව, පරිසර නියමු වැඩ සටහන්, විවිධ සුභ සාධන කටයුතු, විවිධ ප්‍රසංග, සිංහල අලුත් අවුරුදු උත්සව ආදිය සාර්ථක ලෙස ක්‍රියාත්මක කරයි.
මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 17 වන අතර, අනධ්‍යන කාර්ය මණ්ඩලය 5කින් සමන්විතය. 151 පමණ වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී. "ගුණාත්මක පාසලක් නැණ ගුණ හැකියා සපිරි සිසු කැලක්." යන දැක්ම අනුව යමින් ලංකාව පුරා විදුහල් සමග උරෙනුර ගැටෙමින් සෑම අතින්ම ජයග්‍රහණය කරා පියමැනීමට, අධ්‍යන, අනධ්‍යන කාර්ය මණ්ඩලයේද, දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ලැබෙන සහය විශාල ශක්තියකි.
|
ආරම්භ කළ වර්ෂය |
1957 වර්ෂයේ මාර් තු 27 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
01 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
15 |
|
මුල් ගුරුතුමාගේ නම |
හේනේගම කවිධජ හිමි |
|
පාසලේ ආදි කතෘගේ නම |
පුජ්‍ය හිගුල්වල පඤ්ඤාජෝති නායක හිමි |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
වෑවල පරාක්‍රම බෞද්ධ මිශ්‍ර පාඨශාලාව |
|
පාසල රජයට පවරාගත් දිනය |
1963 ෙපබරවාරි 01 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
මහනුවර, රඹුකේවල බෝධි ගුත්තාරාම විහාරස්ථානය |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
ආර්. පී. ධනපාල |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
පී.ආර්. ආරියවතී |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1957 මාර් තු 27 දින |







